අසාත්මිකතා

අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ඔබ ආසාත්මිකතා ඇති දෙයක් වෙත නිරාවරණය වීමෙන් මිනිත්තු කිහිපයක් ඇතුලත වර්ධනය වුවද, සමහර විට පැය කිහිපයකින් ද ක්‍රමයෙන් වර්ධනය විය හැක. බොහෝ විට ඒවා මෘදු වුවද ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් නිසා ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධාවක් විය හැකිය. ඉතා කලාතුරකින්, ඇනෆිලැක්සිස් (Anaphylaxis) ලෙස හැඳින්වෙන බරපතල ප්‍රතික්‍රියාවක් සිදු විය හැක.

ප්‍රධාන ආසාත්මිකතා රෝග ලක්ෂණ

ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක සුලභ ලක්ෂණ පහත දැක්වේ:

  • කිවිසුම් යාම සහ කැසීම, දියර සහිත හෝ අවහිර කළ නාසය: ඇලර්ජි රයිනයිටිස් (Allergic rhinitis)
  • කසන, රතු පැහැ කඳුළු සහිත ඇස්: කොන්ජන්ටිවයිටිස් (Conjuntivitis)
  • හුස්ම ගැනීමේ අපහසු බව, පපුවේ තදගතිය, හුස්ම හිරවීම සහ කැස්ස
  • බිබිලි, කැසීම් සහිත රතු පැහැ කුෂ්ට
  • ඉදිමුණු තොල්, දිව, ඇස් හෝ මුහුණ
  • උදරයේ වේදනාව, ඔක්කාරය, වමනය හෝ පාචනය
  • වියළි, ​​රතු සහ පැලුණු සම

ඔබ අසාත්මිකතාවයට පත්වන දේ සහ ඔබ එයට සම්බන්ධ වන අයුරු මත ඔබගේ රෝග ලක්ෂණ වෙනස් වේ. නිදසුනක් ලෙස, ඔබ පරාග වලට නිරාවරණය වුවේ නම් ඔබගේ නාසය දියර සහිත වේ. ඔබට සමෙහි අසාත්මිකතාවයක් ඇත්නම් කුෂ්ටයක් වර්ධනය වීම හෝ ඔබට අසාත්මිකතාවය ඇති දෙයක් ආහාරයට ගත්තේ නම් ඔක්කාරය ඇතිවීමද සිදුවේ. ඔබට හෝ ඔබේ දරුවාට යම් දෙයක් සඳහා අසාත්මික ප්‍රතික්‍රියාවක් ඇතිවුයේ යයි ඔබ සිතන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ආසාත්මිකතාවයක් හෝ වෙනත් තත්වයක් හේතුවෙන් මෙම රෝග ලක්ෂණ ඇත්දැයි තීරණය කිරීමට ඔවුන්ට උපකාර කළ හැකිය.

බරපතල අසාත්මිකතා (ඇනෆිලැක්සිස්)

දුර්ලභ අවස්ථාවන්හිදී, ජීවිතයට තර්ජනයක් විය හැකි ඇනෆිලැක්සිස් යනුවෙන් හැඳින්වෙන බරපතල අසාත්මිකතා ප්‍රතික්‍රියා බවට පත්විය හැක. මෙය මුළු සිරුරට ම බලපාන අතර සාමාන්‍යයෙන් ඔබ ආසාත්මිකතාවය දක්වන යමකට නිරාවරණය වී විනාඩි කිහිපයක් තුල වර්ධනය වේ. ඉහත රෝග ලක්ෂණ වලට අමතරව ඇනෆිලැක්සිස් වල සංඥා දැකගත හැක:

ඇනෆිලැක්සිස් යනු හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන හදිසි තත්වයකි.